නව ගුවන් හමුදාපතිවරයා ජනපති හමුවෙයි

නව ගුවන් හමුදාපතිවරයා ජනපති හමුවෙයි

by Staff writer 04-11-2020 | 4:55 PM
COLOMBO (News 1st) : නව ගුවන් හමුදාපති එයාර් මාෂර්ල් සුදර්ශන පතිරණ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදාවේ, 18 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පෙරේදා වැඩ භාර ගත්තේ ය. කෆීර් ජෙට් යානා බලඝනයේ අණදෙන නිලධාරියා ද වූ සුදර්ශන පතිරණ මහතා ප්‍රහාරක ජෙට් යානා මෙහෙයවමින් බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනේදී දක්ෂතා පෙන්වු නිලධාරියෙකි.