ධීවර සංස්ථාව මාළු කිලෝ 80,000ක් මිලට ගනී

ධීවර සංස්ථාව මාළු කිලෝ 80,000ක් මිලට ගනී

by Staff writer 04-11-2020 | 1:02 PM
COLOMBO (News 1st) : ධීවර වරායවල ගොඩ ගැසී ඇති මාළු කිලෝ ග්‍රෑම් 80,000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට මිලඳී ගෙන ඇති බව ධීවර සංස්ථාව පවසයි. එහි සභාපති මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා සඳහන් කළේ, එම මාළු තොග පෞද්ගලික අංශයේ ශීතාගාර පහසුකම් යොදා ගනිමින් ගබඩා කර ඇති බවයි. බලයා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 200 කටත්, ලින්නා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 150 ක්ටත් ධීවර සංස්ථාව විසින් මිල දී ගන්නා අතර කෙලවල්ලා කිලෝ ග්‍රෑම් එකක් මිලදී ගන්නේ රුපියල් කිලෝ ග්‍රෑම් 350 ක මිලකටයි. තලපත් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 550 කටත් කොප්පරා කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 600 කටත් මිලදී ගැනීමට ධීවර සංස්ථාව කටයුතු යොදා ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මිල දී ගන්නා මාළු තොග ඇසුරුම් කර ආරක්ෂිතව අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ද මේජර් ජෙනරාල් ලලිත් දවුලගල මහතා පැවසී ය.