by Staff writer 04-11-2020 | 3:20 PM
COLOMBO (News 1st) : දික්වැල්ල මුහුදේ දියනෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසීය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඊයේ සවස පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති අතර එක් පුද්ගලයෙකුගේ මෘත ශරීරය හමුවී ඇති බවයි.
එලෙස මියගියේ අවුරුදු 29 ක දික්වැල්ල පොල්ගහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඔහු පොල්ගහමුල්ල ප්‍රදේශයේ පදංචි 37 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසී ය