තවත් ආසාදිතයින් 277ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 277ක් සුවය ලබති

by Staff writer 04-11-2020 | 3:44 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 277 දෙනෙකු අද සුවය ලැබී ය. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 5858 කි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,744 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5823 කි. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 23 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.