සියදිවි නසා ගැනීම නිසා මියගිය තරුණයෙකුට කොඩිඩ්

සියදිවි නසා ගැනීමක් නිසා මියගිය පානදුරේ තරුණයෙකුට කොඩිඩ්

by Chathuranga Rajapaksha 02-11-2020 | 12:20 PM
COLOMBO (News 1st): පසුගිය 31වැනිදා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය රෝගියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මියගිය පුද්ගලයා 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එසේම මෙම මරණය සියදිවි නසා ගැනීමක් හේතුවෙන් සිදුවූවක් ලෙස වාර්තා කරන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.