පානදුරේ තරුණයාගේ මරණය කොවිඩ් මරණ ලැයිස්තුවෙන් ඉවතට

සියදිවි නසා ගත් පානදුරේ තරුණයාගේ මරණය කොවිඩ් මරණ ලැයිස්තුවෙන් ඉවතට

by Chathuranga Rajapaksha 02-11-2020 | 7:39 PM
COLOMBO (News 1st): සියදිවි නසා ගැනීමක් නිසා පසුගිය 31 වැනිදා පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි 27 හැවිරිදි තරුණයාගේ මරණය මෙරට 22 වැනි කොවිඩ් මරණය ලෙස නොසැලකීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මරණය කොවිඩ්-19 රෝගයේ දායක වීමක් නොමැති බව එම නිවේදනයේ දැක්වේ. කොවිඩ්-19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණ වෙන ම වාර්තා කිරීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 21ක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය තවදුරටත් අවධාරණය කළේය. වසංගත රෝග විද්‍යා අංශයේ නවතම නිවේදනය පහත පරිදි වේ. එම තරුණයාගේ මරණය පිළිබඳ අද(02) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.