තවත් කොරෝනා ආසාදිතයින් 344ක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් 344ක් සුවය ලබති

by Staff writer 02-11-2020 | 5:59 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 344 දෙනෙක් අද පස්වරුවේ සුවය ලැබූහ. ඒ සමග සුවය ලැබූ සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5249 කි. මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,060 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5249කි. මේ අතර මෙරට 22 වන කොරොනා මරණය පානදුර මූලික රෝහලෙන් වාර්තා වූ අතර ඔහු 27 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 31 වැනි දින පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණයේදී තහවුරු වී ඇත්තේ ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි. මෙම මරණය සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදුවුවක් ලෙස වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.