by Staff writer 02-11-2020 | 12:04 PM
COLOMBO (News 1st): බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු පසුගිය අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 ආසාදිතව සිට ඇති බවට කෙන්සිංටන් මාළිගය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම වාර්තාවල දැක්වෙන්නේ, ඔහුගේ පියා වන චාල්ස් කුමරු කොවිඩ් 19 ආසාදිතව සිටි කාලසීමාවට ආසන්න කාලයේදී විලියම් කුමරු ද වෛරසය ආසාදිතව සිට ඇති බවය.
නමුත් ඔහුට වෛරසය ආසාදිත බව හෙළිවීම තුළින් සමාජයේ අනිසි බියක් ඇති වේයැයි සිතා එය සමාජයෙන් වසන් කර තැබූ බව ද එම වාර්තාවල දැක්වේ..
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, වෛද්‍යවරුන් විසින් කෙන්සිංටන් මාළිගය තුළදීම අවශ්‍ය ප්‍රතිකාර ලබාදී තමා සුව කළ බවද විලියම් කුමරු ප්‍රකාශ කර ඇති බවයි.