කර්මාන්ත පවත්වාගෙන යෑමට ක්ෂණික බලපත්‍රයක්

කර්මාන්ත පවත්වාගෙන යෑමට ක්ෂණික බලපත්‍රයක් - ඉල්ලුම්පත භාගත කරන්න

by Staff writer 02-11-2020 | 9:54 PM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල, නිෂ්පාදන කටයුතු හා කර්මාන්තශාලා පවත්වාගෙන යෑම සඳහා ක්ෂණික බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව අදාළ බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක ආකෘතියක් සකස් කර ඇති අතර, එය පහත ඊ-මේල් ලිපිනය වෙත යොමුකළ යුතු වේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හෝ අපනයන මණ්ඩලයේ අනුමත කර්මාන්ත ශාලා මෙන්ම, ඉදිකිරීමේ කටයුතුවල නිරත ආයතන, ධීවර, කෘෂිකාර්මික හා වැවලි ක්ෂේ්‍රයන්හී නිරත කර්මාන්ත ඇතුළු වෙනත් නිශ්පාදනවල යෙදෙන කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට මෙමගින් පහසුකම් සැලසෙනු ඇත.

පහත අයදුම්පත පුරවා 

[email protected]

යන ඊමේල් ලිපිනයට යොමුකරන්න.