සාමාන්‍ය පුද්ගලයින්ට ආර්ථිකය බලපාන්නේ කොහොමද ?

ලංකාවේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය පුද්ගලයින්ට බලපාන්නේ කොහොමද ?

by Staff writer 01-11-2020 | 9:51 PM

COLOMBO (News 1st ) - කොවිඩ්, ජාත්‍යන්තර භූ දේශපාලනය මේ අතරේ රටේ ආර්ථිකය ගැනත් දැන් දැඩි අවධානයක් යොමුවිය යුතුව තිබේ.

අපේ රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 13 කි. ඉන් රුපියල් ට්‍රිලියන 6.4 ක්ම විදේශවලින් ලබාගත් ණය වේ. රට ඇතුළින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ට්‍රිලියන 6.6 කි. රට ඇතුළින් වැඩි ණය ප්‍රමාණයක් ගන්නේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල් තැන්පත් වෙලා තියෙන සේවක අර්ථසාධක අරමුදලෙනි . එය මුළු දේශීය ණය ප්‍රමාණයෙන් සියයට 35.9 කි. සේවක අර්ථසාධක අරමුදලෙන් බැඳුම්කරවල ආයෝජනය කර ඇති මුදල රු. ට්‍රිලියන 2.3 කි. වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව මීට පෙර ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි. මේ අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ ශ්‍රී ලංකාවේ දෙවන හා තුන්වන කාර්තු වල ආර්ථික වර්ධන දත්ත නිකුත් කිරීම පමාවෙන බවයි. කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් නිසා අදාළ දත්ත නිකුත් කිරීමේ ප්‍රමාදය මතුවෙලා තියෙන බව ඔවුන් පවසයි. ලංකාවේ ආර්ථික තත්ත්වය සාමාන්‍ය පුද්ගලයින්ද බලපාන්නේ කොහොමද ? ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා "කොහොම වුණත් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරන්නේ, කිසිදිනක ණය ආපසු ගෙවීම ශ්‍රී ලංකාව පැහැර නොමැති බවයි. මීට පෙරත් මෙවැනි අභියෝගාත්මක තත්ත්වයකට ශ්‍රී ලංකාව මුහුණදී තිබූ බවත් එහිදී තීරණාත්මක හා නව ක්‍රියාමාර්ග හරහා ඊට මුහුණදුන් බව ඔහු පෙන්වා දෙනවා. 2014 අවසානය වනවිට සියලු අභියෝග ජය ගනිමින් දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ණය අනුපාතය සියයට 72 ක් දක්වා ක්‍රමයෙන් අඩුකිරීමට හැකිවූ බව කබ්රාල් මහතා සිහිපත් කර තිබෙනවා."