රු. 10,000ක සලාක මල්ල දෙන සැලැස්ම..

පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් 10,000ක සලාක මල්ලක් දීමට සැලසුම්

by Staff writer 01-11-2020 | 9:19 AM

COLOMBO (News 1st) - පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කරන අවස්ථාවේදීම රුපියල් දස දහසක වියළි ආහාර සලාක මල්ලක් ලබාදීමට සැලසුම් කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මේ අදහස් පළ කළේ නිව්ස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි.   [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/11/pradeeep_1.mp3"][/audio]