by Staff writer 01-11-2020 | 2:26 PM
COLOMBO (News 1st ) - ඊයේ(31) දිනය තුළ මෙරට PCR පරීක්ෂණ 10,510 ක් සිදුකර ඇතැයි, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, මෙරට තුළ මේ වන විට PCR පරීක්ෂණ 512,735 ක් සිදුකර ඇති බවයි.
මේ අතර, අද(01) උදෑසන දොහා කටාර් සිට පැමිණි විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60 ක් තුළ පුද්ගලයින් 4,990 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටියි.
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 60,890 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බවයි.