තවත් පොලිස් බල ප්‍රදේශ 3කටත් නිරෝධායන ඇඳිරි නීතිය.

ඇහැලියගොඩ, කුරුණෑගල නගර සභා සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමටත් නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

by Chathuranga Rajapaksha 01-11-2020 | 4:26 PM

COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් වසමට, කුරුණෑගල නගර සභා සීමාවට සහ කුලියාපිටිය පොලිස් වසමට හෙට(02) උදෑසන 5.00 සිට ලබන 09 වැනිදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර බස්නාහිර පළාතේ දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 09 වැනි සඳුදා අලුයම 5.00 දක්වා දීර්ඝ කරන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. https://www.youtube.com/watch?v=nMql98YlNqA&feature=youtu.be