by Staff writer 01-11-2020 | 7:50 AM
COLOMBO (News 1st) - විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, රට තුළ පවතින වත්මන් තත්ත්වය යටතේ, එම ප්‍රමාදය සිදුවන බවයි.
මැදපෙරදිග කලාපයේ රටවල රැකියා අහිමිව රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට එම රටවල පවතින නීතියට යටත්ව, නව රැකියා අවස්ථා සලසා දීමට පියවර ගන්නැයි, තානාපති අංශවලට ඉල්ලීම් කර ඇතැයි ද ඔහු පැවසුවේය.
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ, නව සේවා යෝජකයින් හරහා ඒ සඳහා අවස්ථාව සලසන්නැයි, ඉල්ලා ඇති බවයි.
රැකියා අහිමිව මැදපෙරදිග කලාපයේ රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස 20000කට ආසන්න බව, මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය.