ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල අධිකරණ කටයුතු සීමා කෙරේ

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල කටයුතු සීමා කෙරේ

by Staff writer 31-10-2020 | 10:54 AM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල කටයුතු සීමාවන්ට යටත්ව සිදු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එම කොමිෂන් සභාව පැවසුවේ, රැඳවියන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීම, අත්අඩංගුවට පත්වන සැකකරුවන් සම්බන්ධ කටයුතු ඇතුළු අත්‍යවශ්‍ය සේවා පමණක් සිදු වන බවයි. මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ස්ථාපිත සෙසු අධිකරණවල විභාග වීමට නියමිතව තිබූ නඩු යළි විභාගයට ගැනෙන දිනයන් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීමට ද තීරණය කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල අධිකරණ කටයුතු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා සීමාවන්ට යටත්ව සිදු කරන බවයි.