රටම Lockdown කළ යුතු නැහැ..

රටම Lockdown කළ යුතු නැහැ:සංචරණය සීමා කළොත් නව කොරෝනා පොකුර පාලනය කළ හැකියි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 31-10-2020 | 7:08 AM

COLOMBO ( News 1st ) : කොරෝනා වසංගතය හමුවේ රටම හුදකලා (Lockdown) කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, අනවශ්‍ය සංචරණ සීමා කිරීම තුළින් නව කොරෝනා පොකුර තවදුරටත් පැතිරයාම පාලනය කර ගත හැකි බවයි.