මෙවර සිසුන් 41,500 කට සරසවි ප්‍රවේශය

මෙවර සිසුන් 41,500 කට සරසවි ප්‍රවේශය

by Staff writer 31-10-2020 | 7:59 AM

COLOMBO ( News 1st ) : මෙවර විශ්වවිද්‍යාල සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් එලෙස බඳවා ගන්නා බවයි. පසුගිය වසරට වඩා විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 10,000 කින් ඉහළ නංවා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව වෛද්‍ය පීඨ සඳහා 371 ක් , ඉංජිනේරු පීඨ සඳහා 405 ක් යන ආදී වශයෙන් සිසුන් බඳවා ගැනීමට නියමිතයි.