මංගල උත්සව සංවිධානය සෞඛ්‍ය උපදෙස් මත 

 මංගල උත්සව සංවිධානය සෞඛ්‍ය උපදෙස් මත : කොල්ලුපිටියේ මඟුල් ගෙදර ගැන පරීක්ෂණ - පොලීසිය 

by Staff writer 31-10-2020 | 7:44 AM

 COLOMBO ( News 1st ) : බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල මංගල උත්සව සංවිධානය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කළ හැකි බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් උත්සවයට සහභාගී වන සංඛ්‍යාව තීරණය කරනු ඇති බවයි. මේ අතර කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ නිරෝධායන නීති නොතකා පැවැත්වූ බව කියන විවාහ මංගල උත්සවයක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. එම හෝටලයේ පුද්ගලයින් 35 දෙනෙකු සහභාගී කරවාගෙන විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකාරිත්වයට හා සංවිධායකයින්ට එරෙහිව නිරෝධායන පනත අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.