නිරෝධායන වෙමින් සිටි පිරිසකට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

නිරෝධායන වෙමින් සිටි පිරිසකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය..

by Staff writer 31-10-2020 | 3:16 PM

COLOMBO (News 1st) – කොළඹ 12, ගුණසිංහපුර මහල් නිවාස සංකීර්ණයේ නිරෝධායන වෙමින් සිටින නිවාසවල සාමාජිකයින්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම අද පෙරවරුවේ සිදු කෙරිණි. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සිදු කෙරිණි.

මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 කි. ඉන්පසුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පංචිකාවත්ත මංසන්ධියේ පිහිටි පොලිස් මුරපොළෙහි සේවය කළ නිලධාරීන්ට බත් පාර්සල් බෙදා දීමක් ද සිදු කෙරිණි.