බස්නාහිර පළාතෙන් පිටවූවන් ගැන ගත් තීරණය

නිරෝධායන ඇඳිරි නීතියට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයින් සිටින ස්ථානයේම නිරෝධායනයට පියවර...

by Chathurika Jayasundara 31-10-2020 | 7:28 AM

COLOMBO ( News 1st ) : නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර එනම් , පසුගිය 29 හා 30 දිනවලදී බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයින් දැනට රැඳී සිටින ස්ථානවලම දින 14 ක් නිරෝධායනයට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.