දැන් පැතිරෙන කොරෝනා වෛරස් ප්‍රභේදය වෙනස්

දැන් පැතිරෙන ⁣Covid-19 වෛරසය කළින් ව්‍යාප්ත වූ වෛරසයට වඩා වෙනස් - ජ'පුර සරසවියේ පර්යේෂණයකින් හෙළිවෙයි

by Staff writer 31-10-2020 | 4:23 PM

COLOMBO (News 1st) - පැතිරෙමින් ඇති කොවිඩ්-19 වෛරසය පෙර ව්‍යාප්ත වූ වෛරස ප්‍රභේදයට වඩා වෙනස් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

එමගින් වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, වෛරස ධාරිතාව ඉහළ බැවින් පැතිරීම වේගවත් බවය. මිනුවන්ගොඩ, දිවුලපිටිය, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා බේරුවල වරාය ආශ්‍රිතව හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් ගත් වෛරස සාම්පල එම පර්යේෂණය සඳහා යොදාගෙන ඇත.