තව ත් කොරෝනා ආසාදිතයින් 137 ක්

තව ත් කොරෝනා ආසාදිතයින් 137 ක් - යුද හමුදාපති

by Staff writer 31-10-2020 | 7:08 PM

COLOMBO (News 1st) - අද දින තව ත් කොරෝනා ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561 කි. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 117 දෙනෙකු අද සුවය ලැබූහ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4399 කි. මෙරට 20 වැනි කොරෝනා මරණය අද වාර්තා වූ බව වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.