ඊයේ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹට තදාසන්නයෙන්

ගෙවුණු දින⁣යේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස කොළඹට තදාසන්න ප්‍රදේශවලින්

by Nadeeshan Meedin 31-10-2020 | 4:45 PM

COLOMBO (News 1st) - ඊයේ(30) වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 633න් වැඩිම පිරිස කොළඹට තදාසන්න ප්‍රදේශවලින් හමු වී තිබේ.

පිටිපන 48යි නවගමුව 29 බියගම 26 ගම්පහ 26 ජා-ඇල 22 වත්තල 22 මීගමුව 20 කටාන 20 මේ වනවිට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 10,424ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවෙන් හමුවූ ⁣පළමු රෝගියාගෙන් පසුව වාර්තා වී ඇති ප්‍රමාණය 6946කි. දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ හා රෝහල්වල පසුවන පිරිස 6005ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද වාර්තා වූ මරණයත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20කි.