PCR කරන මුවාවෙන් මහව නිවසක් කොල්ලකයි

PCR කරන මුවාවෙන් මහව නිවසක් කොල්ලකයි

by Staff writer 30-10-2020 | 8:56 PM

COLOMBO (News 1st) - මහජන පරීක්ෂකවරුන් (PHI) ලෙස ව්‍යාජව පෙනී සිටිමින් කොල්ලකෑම්වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මහව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන බව පවසා මහව, කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට ගොස් එම කොල්ලය සිදු කර ඇති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ,
මහව පොලිස් වසමේ, කැත්තපහුව ප්‍රදේශයේ නිවසකට ඊයේ සවස 3.30 ට 4.00 ට පමණ යම් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ තියෙනවා, ඔවුන් පවසා තිබෙන්නේ ඔවුන් සෞඛ්‍ය අංශවලට අයත් බවත්, ඒවගේම එම නිවසේ සිටි සැමියාගේ සහ බිරිඳගේ, පී.සී.ආර්.පරීක්ෂණ සිදු කළ යුතු බවත්. ඒවගේම එම අවස්ථාවේදී ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පෙර ලබාගැනීම සඳහා යම් පෙත්තක් ලබාදී ඇති බවට වාර්තා වනවා. එම සිද්ධියෙන් පසුව ඔවුන් ඒ සිදු වූ කිසිදෙයක් දන්නේ නැහැ. අද දින උදෑසන අවදිවී තිබෙන්නේ. එම අවස්ථාවේදී සොයා බැලීමේදී එම සැමියාගේ සහ බිරිඳගේ සියලු ස්වර්ණාභරණ රැගෙනගොස් ඇති බවටයි වාර්තා වන්නේ. රුපියල් ලක්ෂ 3 කට පමණ වටිනා රත්තරන් බඩු තොගයක් රැගෙන ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම් තුනක් යොදවලා තියෙනවා. නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.