උ/පෙළ ට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

හෙට ගිණුම්කරණ විෂයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

by Staff writer 30-10-2020 | 12:43 PM

COLOMBO (News 1st) –  අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ හෙට පැවැත්වෙන ගිණුම්කරණ විෂය සඳහා වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර දී ති‌බේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙම විෂය සඳහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති නම් සිය දෙපාර්තමේන්තුවෙන් විමසිය හැකි බවයි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ සහ සෙසු පොලිස් බල ප්‍රදේශවල උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා සියලු ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, සියලු විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම කෙරෙහි දෙමාපියන් සිය අවධානය යොමු කළ යුතු බවයි.