හිටපු මන්ත්‍රිනී මේරි ලැරීන්ගේ අවසන් කටයුතු හෙට...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී මේරි ලැරීන් මහත්මියගේ අවසන් කටයුතු හෙට..

by Staff writer 30-10-2020 | 12:28 PM

COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මේරි ලැරීන් පෙරේරා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට වෙන්නප්පුව ශාන්ත ජුසේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ඒ, මහත්මිය ඊයේ අභාවප්‍රාප්ත විය. හිටපු පළාත් සභා අමාත්‍යවරියක ද වන මේරි ලැරීන් මහත්මිය මිය යන විට වයස අවුරුදු 73 කි. ඒ මහත්මිය හිටපු අමාත්‍යවරයෙකු වූ පෙස්ටස් පෙරේරා මහතාගේ භාර්යාව මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාගේ සහ නිෂානි පෙරේරා මහත්මියගේ මෑණියන් ද වේ. මේරි ලැරීන් පෙරේරා මහත්මිය 2001 වසරේ සිට 2010 දක්වා පාර්ලිමේන්තු නියෝජනය කළා ය. ඇය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ ආරම්භක සභාපතිවරියයි. මේරි ලැරීන් පෙරේරා මහත්මිය වර්ෂ 1988 සිට වසර 13ක් වයඹ පළාත් සභාව ද නියෝජනය කර තිබේ. දේහය මේ වනවිට වෙන්නපුවේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කර ඇත.