පරිසරය:පැමිණිලි,යෝජනා භාර ගන්න මෙහෙයුම් මැදිරියක්

පරිසරය ගැන ලැබෙන පැමිණිලි, යෝජනා භාර ගැනීමට මෙහෙයුම් මැදිරියක්..

by Staff writer 30-10-2020 | 7:45 AM

COLOMBO (News 1st) : පරිසරය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා භාර ගැනීම සඳහා මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථාපිත කර තිබේ.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා ලැබෙන පැමිණිලි 1981 යන දුරකතන අංකයට දැනුම් දිය හැකි බවයි. පරිසරය සම්බන්ධව ලැබෙන පැමිණිලි හා යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් පරිසර ඒකකයේ නිලධාරීන් ද මධ්‍යම පරිසර අධිකාරියට අනුයුක්ත කොට තිබේ. ඒ අනුව පරිසර විනාශ කිරීම් සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට අවස්ථාව හිමිවනු ඇති.