ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 30-10-2020 | 6:11 AM
දේශීය පුවත් 1. “කොරෝනා පාලනයට සහය දෙන්න…” – නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි – කොරෝනා වසංගතය පාලනය සඳහා ජනතා සහය ලබාදෙන ලෙස නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. 2. බස්නාහිර රාජ්‍ය ආයතනවලට නිවසේ සිට වැඩ කිරීමට නියම කෙරේ : කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස යළිත් නිවසේ සිට වැඩ කිරීමේ කමය ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ හා සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කර ඇත. 3. නිරෝධායන ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් 3 ක් විවෘතයි – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3 ක් වත් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි. 4. කතානායක මහින්ද යාපා 20ට අත්සන් තබයි : 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 29 ) අත්සන් තබා තිබේ. 5. 20ට පක්ෂ වූ සමගි ජන බලවේග මන්ත්‍රීන් 9ක් නෙරපීමට පියවර – 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරු 09 දෙනෙකු සිය කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය දෙවන වරටත් Lockdown… : දෙවන කොරෝනා රැල්ලක ව්‍යාප්තිය හමුවේ ප්‍රංශය සහ ජර්මනිය යළිත් වරක් වසා දැමිණ.