by Staff writer 30-10-2020 | 2:23 PM
COLOMBO (News 1st) – එංගලන්තයේ සිට මෙරටට එවන ලද කසළ කන්ටේනර්වලින් 20 ක් අද පස්වරුවේ යළි එරටට යවන බව රේගුව පවසයි.
රේගුව පැවසුවේ , අනෙක් කන්ටේනර් 65 ලබන මස 4 වැනිදා එංගලන්තයට යැවීමට සැලසුම් කර ඇති බවයි.
එලෙස එංගලන්තයෙන් මෙරටට ගෙන්වන ලද කසළ කන්ටේනර් 242 ක් නැවත එරටට යැවීමට අභියාචනාධිකරණය ඉකුත් 14 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේ ය.
ඒ, මෙම කසළ කන්ටේනර් ගෙන ඒමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කරමින් ය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම කසළ කන්ටේනර් ගෙන්වීමට දායක වූ සියලුම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.