බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවීම තහනම්

බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය:පළාතට ඇතුළු වීම සහ පිටවීම දින 3 ක් තහනම්

by Staff writer 30-10-2020 | 7:15 AM

COLOMBO (News 1st) : බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ, ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිවයිනේ සෙසු පළාත්වල ජනතාව ඒකාරාශීවීම්වලින් ඉවත් විය යුතු බව යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේ ය.