20ට පක්ෂ වූ SJB මන්ත්‍රීන් 9ක් නෙරපීමට පියවර

20ට පක්ෂ වූ සමගි ජන බලවේග මන්ත්‍රීන් 9ක් නෙරපීමට පියවර

by Staff writer 29-10-2020 | 2:18 PM

COLOMBO (News 1st) - 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරු 09 දෙනෙකු සිය කණ්ඩායමෙන් නෙරපීමට සමගි ජන බලවේගය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ ය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම පසුගිය 21 වැනි දා පැවැත් විය. ඊට පක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබේ. එම මන්ත්‍රීවරුන් වන්නේ, 1 ඩයනා ගමගේ 2 අරවින්ද කුමාර් 3 ඉෂාක් රහුමාන් 4 ෆයිසාල් කාසිම් 5 එච්.එම්.එම් හාරිස් 6 එම්.එස් තවුෆික් 7 නසිර් අහමඩ් 8 ඒ.ඒ.එස්.එම් රහීම් 9 එම්.එම්.එම්.මුෂාරෆ් යන අයයි. මෙම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් පරිභාහිරව ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට කටයුතු කරන මෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙම ලිපිය මගින් ඉල්ලා සිටි.