පාර්ලිමේන්තු රැස්වීම සීමා කෙරේ

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා කෙරේ

by Staff writer 29-10-2020 | 3:41 PM

COLOMBO (News 1st) - කොරෝනා තත්ත්වය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම එක් දිනකට සීමා කර තිබේ.

ඒ අනුව ලබන 3 වැනි දා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට නියමිතය. එදින ද සභාව රැස්වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැය 3 ට පමණි. නොවැම්බර් 4, 5 සහ 6 යන දිනවල පැවැත්වීමට තිබූ පාර්ලිමේන්තු සභා වාරයන් කොරෝනා තත්ත්වය හේතුවෙන් අවලංගු කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහාතා පැවසුවේ ය. ඔහු පැවසුවේ, අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන 12 වැනි දාත්, 2021 වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා විසින් ලබන 17 වැනි දාත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අදාළ තීරණවලට එලැඹ තිබේ.