මාතර නිවසක් වටලා රු. කෝටියක හෙරොයින් අල්ලයි

මාතර නිවසක් වටලා රු. කෝටියක හෙරොයින් අල්ලයි

by Staff writer 29-10-2020 | 11:33 AM
COLOMBO (News 1st) :මාතර දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් නිවසක සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රැම් 325 ක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරුක් අනුව පොලීසිය මෙම වැටලීම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන අතර ඔවුන් අවුරුදු 25ක් හා 38 පසුවන මාතර අත්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. පොලීසිය පැවසුවේ, හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බවයි. සැකකරුවන් අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.