COLOMBO (News 1st) : පවතින ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් නොකරන බවත් එම ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක තමා නොසිටින බවත් ජාතික නිදහස් පෙරමුණු නායක අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
''අඩුම ගානේ රාජ්‍ය ලේකම් යම්කිසි ගිවිසුම් අත්සන් කරන්න ඉන්දියාවට කරන බලපෑම වත් ශ්‍රී ලංකාවේදී කරන්න ඔවුන් ඉදිරිපත් වෙලා නෑ.. ඔ්ක දන්න නිසා තමයි පොම්පේයෝ එනාකොට අපිට කලබල වෙන්න හේතුවක් නොවුණෙ පැහැදිලිව කියනවා. MCC ගිවිුසමක් අපේ ආණ්ඩුවෙන් අත්සන් කෙරෙන්නෙත් නෑ. අත්සන් කෙරෙන ආණ්ඩුවක් අපි ඉන්නෙත් නෑ''
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් සිය පෙරමුණේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා කැඳවූ මාධ්‍ය හුමවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.
අමාත්‍යවරයා එිහදී වැඩිදුරටත් සඳහන් කළේ, ලේකම් මයික් පොම්පේයෝගේ සංචාරයට විරෝධය පළ කරන පිරිස් MCC මුලික ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ ඊට එරෙහි නොවූ බවයි.
''අද ඔය කළබල වෙච්ච මහත්වරු එපා රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව වෙලාවේ, ජෝන් කෙරී ආවා හීන් කෙදිරියක් වත් නැගුවෙ නෑ. දැන් වර්තමාන එක්සත් ජනපද ආණ්ඩුවෙ රාජ්‍ය ලේකම් එනාට තියෙන්නෙ මහින්ද රාජපක්ෂ - ගෝඨාභය ආණ්ඩුවක් නිසා ළඟ චූන් එකක් තමයි මේ කට්ටිය ගත්තෙ ඒ ගොල්ල බලාගෙන හිටිය MCC ගිවිසුමට අත්සන් කරයි කියලා ජනමාධ්‍ය ඇහුවම ප්‍රශ්නයක් පොම්පේයෝගෙන් ඔහු කිව්වෙ MCC අත්සන් කිරීම හෝ නොකිරීම ශ්‍රී ලංකා රජයේ තීරණයක් මිස ඔවුන්ගෙ තීරණයක් නොවෙයි කියලා, මයික් පිම්පියෝ ටික MCC මූලික ගිවිසුම හොර රහසේ ම අත්සන් කරන කොට කටක් ඇරියෙ නෑ''
ප්‍රතිපත්තිමය වශයෙන් තමාගේ දේශපාලන ස්ථාවරවල කිසිදු වෙනසක් සිදුව නොමැති බව ත් අහිතකර ගිවිසුමකට නොයන බව දන්නා බැවින් බේසමේ කිඹුලන් දැක කලබල වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් සිදු නොවීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.
ඊට පිළිතුරු ලෙස අමාත්‍යවරයා පැවසුවේ, අග්‍රාමාත්‍යවරයා පොම්පේයෝ හමුවීමට එතරම් උනන්දුවක් දක්වා නොමැති බවයි.