නුවරඑළිය මේ මොහොතේ සංචාරයට සුදුසු ස්ථානයක් නොවෙයි

by Staff writer 29-10-2020 | 3:15 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගත තත්ත්වය පහව යන තුරු නුවරඑළිය දිස්ත්‍රිතක්කයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ජනතාවට දැනුම් දෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බැවින් නුවරඑිළිය දිස්ත්‍රික්කය මේ මොහොතේ සංචාරයට සුදුසු ස්ථානයක් නොවන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව තත්ත්වය යහපත් වන තුරු සංචාරය සඳහා නුවරඑළියට පැමිණීමෙන් වළකින ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ඔහු සඳහන් කළේ, මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන රැසක් වසා දමා ඇති බවය.