ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් 3 ක් විවෘතයි

නිරෝධායන ඇඳිරි නීතිය තිබුණත් ඉන්ධන පිරවුම්හල් 3 ක් විවෘතයි

by Staff writer 29-10-2020 | 6:18 PM

COLOMBO (News 1st) - නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3 ක් වත් විවෘත ව තැබීමට පියවර ගන්නා බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

කොරෝනා තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. එමගින් අවධාරණය කර ඇත්තේ, පවතින තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර කැපවීමෙන් ස්වකිය රාජකාරි උපරිමයෙන් ඉටුකිරීමට සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි.