දුම්රිය ධාවන කාලසටහන් සංශෝධනය කෙරේ

දුම්රිය ධාවන කාලසටහන් සංශෝධනය කෙරේ

by Staff writer 29-10-2020 | 5:20 PM

COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් දුම්රිය ධාවන කාලසටහන් සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව රඹුක්කන සිට කොළඹ කොටුව දක්වාත් බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම හා කළුතර සිට මරදාන දක්වාත් අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වාත් හලාවත සිට කොළඹ කොටුව දක්වාත් කිසිදු දුම්රියක් හෙට සිට ලබන 01 වැනි දා දක්වා ධාවනය නොවන බවයි. කෙසේවෙතත් අනිද්දා දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ධාවනය වන දුම්රියන් නියමිත වේලාවන්වලදී ධාවනය කිරීමට නියමිත බව දුම්රිය දොපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.