"කොරෝනා පාලනයට සහය දෙන්න..."

"කොරෝනා පාලනයට සහය දෙන්න..." - නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලයි

by Staff writer 29-10-2020 | 10:04 PM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය පාලනය සඳහා ජනතා සහය ලබාදෙන ලෙස නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ඉල්ලීම කරනු ලැබුවේ, අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ අරඹමිනි. එහිදී නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ජනතාව ලබාදෙන සහයෝගය මත මේ වනවිට රටේ උද්ගතව ඇති තත්ත්වය කඩිනමින් පාලනය කිරීමට හැකි වනු ඇති බවයි. ප්‍රධාන මාර්ගවල සංචරණයන් සීමා කළ ද අතුරු මාර්ගවල තව දුරටත් සංචරණයන් සිදුවන බවට වාර්තා වන බව ද ඔහු එහිදී කියා සිටියේ ය.