කොරෝනා ආසාදිතයින් 9205ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 9205ක් දක්වා ඉහළට

by Staff writer 29-10-2020 | 6:22 AM
COLOMBO (News 1st) : ඊයේ (28) දිනයේ මෙරටින් තවත් කෙරෝනා ආසාදිතයින් 335 දෙනෙකු හඳුනා ගැනිණ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිත පුද්ගලයින් 5111 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4075 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.