යාවත් කාලීන කිරීම 28/10 පස්වරු 21.00: කෝවිඩ් ආසාදනයට ලක් වූ බවට ඊයේ (28) තහවුරු වූ 335 අතරින් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ, කොළඹ දිස්ත්රික්කයෙන් බව වාර්තා වේ.
237 ක් වූ ඒ අතුරින් 161 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ නගර සීමාවෙන් වාර්තා වී ඇත.
මේ අතර, ගම්පහ දිස්ත්රික්කයෙන් ආසාදිතයින් 75 ක් ද, කලුතර බණ්ඩාරගමින් 10 දෙනෙකු ද වාර්තා වී තිබේ.
ඒ අනුව, අද(29) දිනයේ පළවූ පළමු වාර්තාවට අනුව සමස්ථ ආසාදිතයින් 9,619 ක් ලෙස සටහන් වන අතර, මේවනවිට ප්රතිකාර ලබන පිරිස 5,458 ලෙස වාර්තා වේ.
යාවත්කාලීන වන තොරතුරු සඳහා පිවිසෙන්න :
www.coronavirus.lk
