දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා වෙයි

by Staff writer 29-10-2020 | 2:58 PM
COLOMBO (News 1st) : ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය සීමා කර තිබේ. ඒ අනුව කඩවත හා කොට්ටාව සිට වාහන ධාවනය කළ හැක්කේ වාවැලිපැන්න හුවමාරුව දක්වා පමණයි. මාතර හා හම්බන්තොට දෙස සිට ද අධිවේගී මාර්ගයෙන් කොළඹට ඇතුළුවිය නොහැකි බව පොලීසිය පැවසී ය. පොලීසිය පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී එම සීමාවන් අදාළ නොවන බවයි.