ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 237 ක් කොළඹින්

ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 237 ක් කොළඹින්

ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින්ගෙන් 237 ක් කොළඹින්

කර්තෘ Staff writer

29 Oct, 2020 | 9:11 pm

යාවත් කාලීන කිරීම 28/10 පස්වරු 21.00: කෝවිඩ් ආසාදනයට ලක් වූ බවට ඊයේ (28) තහවුරු වූ 335 අතරින් වැඩිම පිරිස හඳුනාගෙන ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.

237 ක් වූ ඒ අතුරින් 161 ක් කොළඹ 1 සිට 15 දක්වා වූ නගර සීමාවෙන් වාර්තා වී ඇත.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 ක් ද, කලුතර බණ්ඩාරගමින් 10 දෙනෙකු ද වාර්තා වී තිබේ.

ඒ අනුව, අද(29) දිනයේ පළවූ පළමු වාර්තාවට අනුව සමස්ථ ආසාදිතයින් 9,619 ක් ලෙස සටහන් වන අතර, මේවනවිට ප්‍රතිකාර ලබන පිරිස 5,458 ලෙස වාර්තා වේ.

යාවත්කාලීන වන තොරතුරු සඳහා පිවිසෙන්න : www.coronavirus.lk 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]