21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු කල් දැමේ

21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු කල් දැමේ

21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු කල් දැමේ

කර්තෘ Staff writer

28 Oct, 2020 | 9:47 am

COLOMBO (News 1st) – පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු ලබන 31 වැනි දා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කළේ, ලබන 31 වැනි දා යළි කොමිසම රැස්වී සාක්ෂි කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය බවයි.

ඉදිරි දිනවල සාක්ෂි ලබාදීමට නියමිතව සිටි සියලුම සාක්ෂිකරුවන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේ සැප්තැම්බර් 20 වැනි දා පත් කළ මෙම කොමිසමේ නිල කාලය ලබන දෙසැම්බර් 20 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]