හෙට රාත්‍රී 12 සිට බස්නාහිරට නිරෝධායන ඇඳිරි නීතිය

හෙට (29) රෑ 12 සිට 2 වැනිදා අලුයම 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය

by Sagarika Chathumali 28-10-2020 | 1:25 PM
COLOMBO (News 1st) : හෙට රාත්‍රී 12 සිට ලබන 2 වැනිදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි. මේ අතර සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය නොවැම්බර් 2 වන සඳුදා උදෑසන 5.00 න් පසුව ද අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇති. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට අදාළව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්...