යුරෝපයේ දෛනික කොරෝනා මරණ 40 % කින් ඉහළට...

යුරෝපයේ දෛනික කොරෝනා මරණ 40 % කින් ඉහළට...

by Staff writer 28-10-2020 | 9:02 AM

News 1st - පසුගිය සතිය හා සසඳන විට යුරෝපයේ දෛනික මරණ සංඛ්‍යාව 40% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක මාග්‍රට් හැරිස් පවසන්නේ, ප්‍රංශය, ස්පාඥ්ඤ, නෙදර්ලන්තය සහ රුසියාව යන රටවල කොරෝනා ආසාදිතයින් තුනෙන් එකක් වැඩි වී ඇති බවය. රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරී යාම කණගාටුවට කරුණක් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. රුසියාවෙන් දිනකට මරණ 320 ක් වාර්තා වන අතර මේ වනවිට රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 152,800 කි. ඉතාලියේ පසුගිය පැය 24 තුළ මරණ 221 ක් වාර්තා විය. ඊයේ දිනයේ පමණක් ඔස්ට්‍රියාවේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ. අමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලයෙන් පසු වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තාවන්නේ රුසියාවෙනි. ඊයේ දිනයේ පමණක් රුසියාවෙන් ආසාදිතයින් 16,550 ක් වාර්තා වූ අතර එරට ජනාකීර්ණ ස්ථානවල මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇත.