මෙරට කොරෝනා අසාදිතයින් ගණන 8870 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා අසාදිතයින් ගණන 8870 ක් දක්වා ඉහළට

by Staff writer 28-10-2020 | 6:55 AM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 457 දෙනෙකු ඊයේ (27) දිනයේ හඳුනා ගෙන තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8870 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිත පුද්ගලයින් 4808 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇති. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4043 දෙනෙකු මේ වනවිට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි. මේ අතර කොරෝනා හේතුවෙන් සිදු වූ මරණ 3 ක් ඊයේ වාර්තා විය. ඉන් එක් අයෙකු කොළඹ පදිංචි දීර්ගකාලින රෝගවලින් පීඩා විඳි 19 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මිය ගිය අනෙක් කාන්තාව 87 හැවිරිදි වියේ පසු විය. කොරෝනා ආසාදිත ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ පස්වරුවේ මිය ගියේ ය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19 කි.