පොම්පියෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට

මයික් පොම්පියෝ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

by Staff writer 28-10-2020 | 3:34 PM
COLOMBO (News 1st) : දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබේ. ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුවයි. අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධූත පිරිස පස්වරු 1.06 ට ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගිය බව අප වාර්තාකරු පැවසී ය. https://www.youtube.com/watch?v=FMagF3O9V7s&feature=youtu.be