ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල අලෙවි සැල් විවෘත දින..

නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ඖෂධසැල් සහ වෙළෙඳසැල් විවෘත කරන දිනයන්..

by Staff writer 28-10-2020 | 8:12 AM

COLOMBO (News 1st) - හෝමාගම, මොරටුව, පානදුර උතුර, පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි. මේ අතර ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කර තබන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔහු කියා සිටියේ, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ආහාර හා ඖෂධ අලෙවි සැල් සෑම අඟහරුවාදා සහ සිකුරාදා දිනකම පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බවයි.