තවත් කොරෝනා ආසාදිතයින් 211ක්

තවත් කොරෝනා ආසාදිතයින් 211ක්

by Staff writer 28-10-2020 | 8:07 PM
COLOMBO (News 1st) : අද දින තවත් කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අතරින් 202 දෙනෙකු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ය. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, එම ආශ්‍රිතයින් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි. අද හඳුනාගත් අනෙක් ආසදිතයින් 09 දෙනා නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් ය. ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5607 දක්වා ඉහළ ගොස් තිබේ.