by Staff writer 28-10-2020 | 10:48 AM
COLOMBO (News 1st) : අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.
අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයන්ත කොළඹගේ මහතා විසින් රාජ්‍ය ලේකම්වරයා පිළිගත් අතර අමාත්‍යවරුන් අතර ද්වීපාර්ශ්වික හමුව සිදුවූයේ ඉන් පසුවයි.
එිහදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැඳි ප්‍රතිපත්තියක් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ , අමෙරිකාව සඳහා පත්කළ තානාපති රවිනාථ ආරියසිංහ, අතිරේක ලේකම් ඒ.එම්.ජේ. සාදික්ථ උතුරු අමෙරිකානු කලාපය භාර අධ්‍යක්ෂ දර්ශන පෙරේරා යන මහත්වරු ද්වීපාර්ශ්වික සාකච්ඡාවට සහභාගි වූහ.
https://www.youtube.com/watch?v=syhftTdpcZQ&feature=youtu.be